World

මාස 20 ක් ඇතුළත ISIS ත්‍රස්තයෝ විසි පන්දහසක් මරුට !

ගතවූ මාස විස්සකට ආසන්න කාලය තුළදී ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඒකාබද්ධව දියත් කළ මෙහෙයමු වලින් අයි එස් අයි එස් ත්‍රස්තයන් විසි පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමාජිකයින් දහස් ගණනින් මරුමුවට පත්වීමට අමතරව අයිඑස් සංවිධානයට මුහුණදීමට සිදුව තිබෙන තවත් ප‍්‍රධාන ගැටලූවක් ලෙස සඳහන් වන්නේ එම සංවිධානය ආදායම් උපයාගැනීමට යොදාගන්නා තෙල් බිම් වලට නිරන්තරයෙන්ම එල්ල වන ගුවන් ප‍්‍රහාරයන්ය. ආදායම කොතෙක් දුරට පහළ ගොස් තිබේද යත් අයිඑස් සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැටුප් පවා හරි අඩකින් පමණ කප්පාදු කිරීමට සංවිධානයේ නායකයින්ට සිදුව තිබෙන බව වාර්තා වේ.

එල්ල වන ප‍්‍රහාර හමුවේ අයිඑස් ත‍්‍රස්තයින් ඔවුන් අත්පත් කරගෙන සිටි බිම් අතහැර පසුබසිමින් සිටින බවත් මේ වන විට අයිඑස් පාලනය යටතේ පැවති උතුරුදිග ඉරාකයේ බිම් වලින් සියයට 40 ක් පමණම අයිඑස් ත‍්‍රස්තයින්ගෙන් නිදහස්ව ඇති බවත් එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

අයිඑස් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නුවරට සැළසුම් සහගත ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.

සිරියාවේ සිවිල් යුද්ධයත් සමග හිස එසවූ අයිඑස් ත‍්‍රස්තයෝ 2014 වන විට නැගෙනහිර සිරියාවේ සැළකිය යුතු බිම් පෙදෙසක් තම අණසක යටතට ගත්හ.පසුව ඔවුහු ඉරාකය දක්වාම ව්‍යාප්ත වූහ.නව තාක්ෂණය උපරිම අයුරින් භාවිතයට ගත් ඔවුහු නව සාමාජිකයින් බඳවා ගැනීමට බෙහෙවින් යොදාගත්තේ සාමාජ ජාල වෙබ් අඩවිය.

නමුත් තුර්කිය වැනි අසල්වැසි රටවල් දැන් අනුගමනය කරමින් සිටින දැඩි දේශසීමා නීති නිසා සංවිධානයට නව සාමාජිකයින් බදවා ගැනීමද දුෂ්කර වී තිබේ.

වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි වුවත් අයිඑස් ත‍්‍රස්තයින් දණ ගැස්වීමේ සමත් ප‍්‍රබල ප‍්‍රහාරයක් ළගදීම එල්ල කිරීමට සැළසුම් කර තිබෙන බව බැග්ඩෑඩයේ සිට අයිඑස් මර්දන මෙහෙයුම් මෙහෙයවන ඇමරිකා හමුදා ප‍්‍රධානියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

සුඩාන අගමැති ඉවත්වෙයි

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday

ISIS වැඩ වරද්දා ගනී – යුධ ගුවන් යානා 26ක් රැගත් ප්‍රංශ යුධ නැවකින් සිරියාවට සහ ඉරාකයට ප්‍රහාර

colombotoday