ArticlesBusinessColombo Today Local NewsTop Stories

ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!

“මේක සීමාවක් නැති භූමිකම්පාවක්!”

මෙසේ ප්‍රකාශ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ එළිදක්වන්නට යෙදුණු නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කොට සිටිනවා.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මේ නව තීන්දුවත් සමග ලෝකයම මුහුණ දෙන අර්බුදයේ දිග පළල කෙබඳුද කියන කාරණයයි.

අපගේ ආර්ථිකයේ අපනයන ආදායමින් විශාල පංගුවකට හිමිකම් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය බව නොරහසක්. ඉතින්, එවැනි පසුබිමක මේ නව බදු පැනවීම් අපගේ ආර්ථිකයට කෙබඳු අයුරින් බලපායිද යන්න තවම සිතාගැනීමටවත් බැහැ.

විශේෂයෙන්ම අපගේ අපනයන නිෂ්පාදන අතර සුවිශේෂී තැනක් ගන්නා ඇඟලුම් කර්මාන්තය, මෙම නව බදු ප්‍රතිපත්තිය හමුවේ කඩාවැටීමේ තර්ජනයට මුහුණ දෙන බව අමතක කරන්නට බැහැ.

එසේම, මේ එල්ලවන දරුණු පහර හමුවේ ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකාව දරුණු විනිමය අර්බුදයකට මුහුණ දීමේ අවදානමක්ද පවතින බව ආචාර්යවරයා සඳහන් කරනවා.

බොහෝ රටවල්, විශේෂයෙන්ම බටහිර ආර්ථිකයන් මෙවැනි අනපේක්ෂිත ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට විශේෂිත ක්‍රමවේද කල්තබා සූදානම් කොටගෙන සිටින බව ආචාර්යවරයා සඳහන් කරනවා. එසේම, ඔහු කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය සතුව අපගේ ආර්ථික ස්ථායීතාව සම්බන්ධයෙන් එවැනි පෙර සැලසුම් නොමැති බවත්, යටත් පිරිසෙයින් එවැනි සැලසුම් තබාගත හැකි තත්ත්වයකවත් අපගේ ආර්ථිකයට නොමැති බවත්.

ඔහුගේ අදහස් දැක්වීම ඇතුළත් සවිස්තර වීඩියෝව පහතින් නරඹන්න.

සටහන – සසල වික්‍රමනායක

Related posts

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !

colombotoday

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday