Colombo Today Local News

රජයෙන් වීවලට අවම මිලක්

ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බවයි.

එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද ඔහු පැවසීය.

ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාල ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් පැවසීය.

රජය විසින් මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවයි.

මේ අතර මෙවට මහ කන්නයේ අස්වනු නෙලීම මේ වන විට වී ආරම්භ ඇති අතර මෝල් හිමියන් විසින් ඉහල මිල ගණන්වලට වී මිලට ගනිමින් සිටී.

කැකුළු වී කිලෝවක් රුපියල් 150 ආසන්න මිල ගණනකට මිලට ගනිමින් සිටී.

ගොවීන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සදහා 140 ආසන්න සහතික මිලකි.

Related posts

රට අගාධයට යනවා… ජනතාව ඉදිරියට යමු – ඩිල්ශාන්ගෙන් ඉල්ලීමක්

colombotoday

වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයි

colombotoday

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

අධිකරණයෙන් ආයුධ හමුවීමට සැකපිට 20ක් අත්අඩංගුවට !

colombotoday

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin