Colombo Today Local News

ත්‍රි´මලේ තෙල් ටැංකි 61ක් අපිට වැඩියි

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් මෙට්‍රික් ටොන් දස දහස බැගින් ගබඩා කළ හැකි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල ද තෙල් ටැංකි පරිශ්‍ර ඇති බවත් ඉන්දීය තෙල් සමාගමේ ද තෙල් ගබඩා ඇති බවත් පැවසු ඔහු තිරිකුණාමල ප්‍රදේශයට මෙතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කරයි.ඒ සඳහා තෙල් ටැංකි 24ක් ප්‍රමාණවත් හෙයින් එම ප්‍රමාණය රජය යටතේ තබා ගෙන ඉන්දියන් තෙල් සමාගමට ටැංකි 10ක් පමණ ලබා දීමට එකඟ වූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ඉතිරි තෙල් ටැංකි 61 යොදා ගෙන ඉන්දීය සමාගමක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සාකච්ඡා සිදුකරමින් ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.එහි තෙල් පිරිපහදුවක් ඉදිකර තෙල් ටැංකිවල ගබඩා කිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොලට තෙල් සපයන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටී.

කළුතර කටුකුරුන්ද ප්‍රෙද්ශයේ ඊයේ (19) පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.

Related posts

මාලිගාවත්තේ හැත්තෑවේ සීයා අයිස් කිලෝවක් එක්ක මාට්ටු

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රික් 9ක් අවදානමේ… අනතුරු අගවයි…

colombotoday

කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට මරණ තර්ජන

colombotoday

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි

Admin

හම්බන්තොට තෙල් පිරිපහදුව වැඩබැරි සමාගමකට… ජනපතිවරණයට දින දෙකක් තිබියදී හොර රහසේ ගිවිසුම අත්සන් කරයි !

colombotoday