Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබීය.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.

මෙම ව්‍යාපෘති හරහා රටේ විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සදහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇත.

තවද ඉදිරියේදී රට තුල ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සදහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග ව්‍යාපෘති ගණනාවක්ද මෙම ණය මුදල හරහා ඉදිකිරීමට නියමිතව ඇත.

ව්‍යාපෘති සාරාංශය පහත දැක්වේ

· නව ග්‍රිඩ් උපපොළවල් 6 ක් ඉදිකිරීම
· 87 km දිග ද. වො. 132 සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග ඉදිකිරීම
· 45 km දිග ද. වො. 220 සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග ඉදිකිරීම
· දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, මිලියන 7.5 ක් වු පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදා හරියි.

බෙදාහැරිම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කිමි 3400 ක් වු සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග හා ග්‍රිඩ් උපපොළ 90 කින් සමන්විත වේ.

– Media unit

Related posts

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේ

Admin

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin