Colombo Today Local News

සඟවා තිබූ සහල් විශාල ප්‍රමාණයක් අල්ලයි

නාඩු සහල් තොග සගවා තබා ගනිමින් පාරිභෝගිකයන්ට නාඩු සහල් නොමැති බව පැවසු ගිනිගත්හේන නගරයේ සහල් තොග වෙලෙන්දෙකු ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් එක්ව වැටලිමක් සිදු කර සගවා තිබු සහල් තොග පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගැණින.

ගිනිගත්හේන ප්‍රදේශයේ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගෙන් ගිනිගත්හේන පොලිසියට මේ සම්බන්ධයෙන් ලද තොරතුරු කිහිපයක් මත ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ සහය ඇතිව මෙම වෙලදසැල (20) දින හදිසි පරික්ෂාවට ලක් කර ඇත.

එම පරික්ෂාවේදි එම වෙලදසැල තුල කිලෝ 10 නාඩු සහල් බැග 21 ක්, කිලෝ 05 නාඩු සහල් බැග 30 ක් ඇතුළුව නාඩු සහල් කිලෝ 360 ක් සොයාගත් අතර, එම සහල් තොග නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගත් අතර, එම සහල් තොග සගවා තබා ගැනිම සම්බන්ධයෙන් එම වෙලදසැලේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නායක මහතා පැවසිය.

Related posts

“පුද්ගලික උත්සවවලට ආරාධනා කරන්න එපා.” ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

“සිංහල ජනාවාස, බුදු පිළිම උතුරට එපා“ විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් 24 දා විරෝධතා තුනක්

colombotoday

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday