Colombo Today Local News

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

ඉන්දියාව සමඟ රට පාවා දෙන කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නිපදවන අමතර බලශක්තිය අපනයනය කිරීම ඉන්දියාව සමග සාකච්ඡා කළ විදුලිබල ජාල සම්බන්ධතා ගිවිසුමේ අරමුණ බවත් මෙතෙම අවධාරණය කරයි.

“රට පාවා දෙන කිසිම ගිවිසුමකට අපි අත්සන් කළේ නැහැ. ඉන්දියාව සමඟ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ ශ්‍රී ලංකාව එකඟ වී ඇත්තේ විවිධ බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පමණක් බව පැහැදිලිවම සඳහන් වෙනවා. බලශක්ති අපනයන සැලැස්ම රටට ආර්ථික වාසියක්.”

මෙරට බලශක්තිය උත්පාදනය කර අතිරික්ත බලශක්තිය බිම්ස්ටෙක් රටවලට අපනයනය කරන බවත් ඔහු සඳහන් කළේ, විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

Admin

දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිද වැටෙයි

colombotoday

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

colombotoday

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin