Colombo Today Local News

නාමල් විභාගේ ලියපු විදිය ගැන වසන්තගෙන් මහා හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගය ලිවුවේ වායු සමනය කල කාමරයක, ප්‍රශ්න පත්තර කලින් දීලා, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා යයි තොරතුරු ලැබී ඇතැයි වෙළෙඳ වාණිජ ආහාර සුරක්‍ෂතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

“අම්මට තාත්තට තම දරුවාට පොතක් පැන්සලක් අරගෙන දෙන්න බැරි තරමට ආර්ථිකය වට්ටලා තියෙනවා.දරුවන්ට ඉගෙන ගන්න පසුබිම ඇහිරූ අය අධ්‍යාපනය ගැන කතා කරන්නට පටන්ගෙන තිබෙනවා.

නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම ඉල්ලන්නේ නැති දැයි සමහරු අහනවා.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කතා කොට ඔහුට කළ මරණ තර්ජන ගැන අපට පැවසුවා.

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබපු කෙනෙක් අප සමග කිව්වා.ඒ පරීක්ෂණය පටන් ගත්තාම ඕන වෙලාවක ලංකාවට එන්න ඔහු සූදානමින් ඉන්නවා.

මොහු නීතිඥයෙක් වෙන්න රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළා.තාත්තා ජනාධිපති වීම නිසා මේ දේශපාලන බලය පාවිච්චි කළා.

ඊට පසුව අපරාධ විද්‍යාව ගැන පශ්චාත් උපාධිය කරන්නත් 2011 වසරේ ආවලු.ප්‍රථම උපාධියක් නැති නිසා පශ්චාත් උපාධිය හදාරන්න දීලා නෑ. ඊට පසුව ඒ මහාචාර්යවරයෙක්ට එකල උප කුලපති තර්ජනය කර තිබෙනවා.මේ අය නම් ඉස්සරහට කෑලි දාගන්න හැදුවේ ඔහොමයි”

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් ‘තාවකාලිකව’ ඉවත් කිරීමට අගමැති එකගයි.. කිළිකුණු හෝදා නැවත අධිපතිකමට ගතහැකියි !

colombotoday

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday

මීද්දරමුල්ලේ වෙඩිතැබීම ගැන සෙවූ පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි

Admin

රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයි

colombotoday

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday

ජනපති මෛත්‍රී වාර්තාවක් තබයි.. පාර්ලිමේන්තුව කැදවන්න තෙවැනි ගැසට් පත්‍රයත් නිකුත් කරයි

colombotoday