Colombo Today Local News

හදුනා නොගත් උණක් පැතිරෙයි

හදීසි උණරෝගයක් වැළඳීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් තුන් දෙනෙකු දින දෙකක් තුල මියයාම සම්බන්ධයෙන් අද (10) සිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය රෝහල් අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කලේ එලෙස මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි.

උණ රෝගය වැළදීම නිසා මෙලෙස පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත් එම උණ රෝගය නිශ්චය වශයෙන් මෙතෙක් හදුණා ගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරු බරපතල ප්‍රශ්නයකට මුහුණ් පා ඇත.

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු හා නාවට්කුලි ප්‍රදේශයේ වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු මෙන්ම කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කල වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.

Related posts

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

මහින්ද දැන් ඇවිදින්නේත් බොඩිගාඩිලගේ උරෙන් අල්ලන්.. ගෝඨාභය – සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද විශ්‍රාම ගත යුතුයි

colombotoday

සිංගප්පූරු සිරිතට මහේන්ද්‍රන් පදිංචිය මාරු කරනවා… ඔහු සමග සම්බන්ධයක් නෑ – අගමැති කියයි

colombotoday

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

colombotoday

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

colombotoday