Colombo Today Local News

ලාල් කාන්ත කියූ විදියට අලි රිලා ප්‍රශ්නය විසදනු

රටේ සිටින රිලව් වඳුරු අලි කරදර නිසා විඳින දුක දන්නේ එම ප‍්‍රෙද්ශවල ජීවත් වන ජනතාව බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති.

ඇමති ලාල්කාන්ත මහතා හදවතින් කළ ප්‍රකාශයක් අල්ලා ගෙන බොරුවට කිඹුල් කඳුලු හෙළන සත්ව අවිහිංසාවාදීන් එම දුක නොදන්නා බව ද එහිමියන් වීඩියෝවක් නිකුත් කරමින් කියති.

වගා බිම් වන සතුන් විනාශ කළ විට එම ගොවි දරුවන්ට කන්න දෙන්නට කඩේ ණය බේරන්නට එම පිරිස නොපැමිණෙන බව ද සද්ධාරතන හිමියෝ පෙන්වා දෙති.

මේ අවස්ථාවේ අලි අල්ලා පැටවීමට, රිලව් වඳුරු රංචු ඇල්ලීමට ආණ්ඩුවට සල්ලි නොමැති බව දන්නා ඇමති ලාල්කාන්ත ජනතාවට මේ කරදරයෙන් පුළුවන් විදිහට බේරීමට උපදෙස් දී ඇතැයි ද එහිමියන් ප්‍රකාශ කරති.

එම ප්‍රකාශයේ කිසිදු වරදක් නැති බවත් ජනතාව හැකි විදිහට වන සත්ව කරදරයෙන් නිදහස් විය යුතු බවත් හිමියන් තව දුරටත් කියති.

Related posts

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

හික්කඩුවේ පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියක ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වෙයි

Admin

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday

ත්‍රස්ත ක්‍රියා කළ බවට සාක්ෂි ඉදිරිපත් කර නෑ.. යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න නිර්දේශ කෙරේ

colombotoday

23 සඳුදා සිට පාසල් යලි ඇරඹේ

colombotoday