Colombo Today Local News

‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මංත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේ සිට කියයි

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ ලෙස පාර්ලිමේන්තු ඇමතීම ආරම්භ කරමින් අදහස් පල කලේ මෙසේය.

‘ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ඊළම නම් මගේ මාතෘ භූමියේ ආදරණීය පුරවැසියනි, මගෙ පනටත් වඩා උසස් අපේ ජනතාව බේරගන්න දෙමළ විරුවා හිටියා නම් ඔහු නායකයා නැත්නම් ඔහු දෙවියෝ.

ඔහුගේ මග පෙන්වීම යටතේ ගොස් තම ජීවිතයේ වටිනාකම පවා නොසිතමින් ජීවිත නැති වුණු අයට ආචාර කරමින් මම සිහිපත් කරනවා ඒ වගේම යුද්ධයෙන් ජීවිත නැති වුණු දෙමළ සිංහල මුස්ලිම් තරුණයන් මෙන්ම විශේෂයෙන් රෝහණ විජේවීර හා සෙසු සහෝදරයෙන්ද මම ආචාර කරමින් සිහිපත් කරනවා’

තම පියා 1966 ශ්‍රී ලංකා පොලිසියේ පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස හිටි බවද පැවසූ ඔහු අසූ තුනේ ලංකාවේ ඇති වූ තත්ත්වයත් මත තම පවුලට යාපනයට යන්නට සිදුවූ බවද පැවසුවේය.

එදින පටන් එල්ටීටීඊ සංවිධානයේ පොලිසියේ දශක දෙකක් සේවය කරමින් සිටි බවත් හෙතෙම කීය.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දමයි.

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

මට කැබිනට් අැමතිකමක් දුන්නෑ.. මාසයයි බලන්නේ, තීරණයක් ගන්නවා

colombotoday

හිරුණිකා අත්අඩංගුවට ගනී.. අදම උසාවියට ඉදිරිපත් කරයි

colombotoday

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday