Colombo Today Local News

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

මාතලේ, ලග්ගල පොලීසියේ ආරක්ෂික පෙට්ටියේ තැන්පත් කර තිබු ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 5 ක් කිසියම් පුද්ගලයෙක් අද අලුයම සොරකම් කරගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සරමකින් සහ කමිසයකින් සැරසුණු පුද්ගලයකු මෙම සොරකම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ය.

පොලිස් ස්ථානයේ උප සේවා කාමරය අසල තැන්පත් කර තිබු එම ආරක්ෂිත පෙට්ටිය අසල තිබු යතුරු කැරැල්ල ගෙන විවෘත කර එලෙස ගිනි අවි සොරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා නිලධාරින් 4 දෙනෙකු අනුයුක්තව සිට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිලධාරීන් බීමතින් සිටියේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රෝහල්ගත කර ඇති බව ය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව විශේෂ කන්ඩායමක් ලග්ගල පොලිස් ස්ථානයට පිටත්ව යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

Related posts

මේජර් ජෙනරාල්ලා ලියන්නෙ ළමා කතා – ඊට වඩා ITN එකේ “SEX” කතා හොදයි – පෙරටුගාමින්

colombotoday

මහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදය රෝගය වැළදිලා – ප.ච රණවක

colombotoday

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday