Colombo Today Local News

සති දෙකක් ඇතුළත සහල් ආනයන නොකොළොත් තත්ත්වය දරුණු අතට


ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ. කේ. සේමසිංහ සඳහන් කළේ, මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවය.

“දීර්ඝ කාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොගියොත් නැවත නැවත මේ අර්බුදයට යා හැකි වෙනවා. යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය මඟින් මේ අර්බුදය යටපත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ වගේම කෙටි කාලීන විසඳුමක් ලෙස රජය විසින් ඉතා ඉක්මනින් විදෙස් රටවලින් සහල් ආනයනය නොකළහොත් මේ තත්ත්වය තුළ වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකිය.”

ඔහු සඳහන් කළේ බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සහල් ලබා දීමේදී එය නියාමනය කිරීම ඉතා වැදගත් කාරණයක් බවය.

මේ අතර පැවති ගංවතුර තත්ත්වයෙන් හානියට පත්වූ කුඹුරු සඳහා වන්දි ලබාදීම වෙනුවට ඒවා යළි වගා කිරීමට පියවර ගතයුතු බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න පවසයි.

Related posts

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday

කහතුඩුවේ පෙම් සබඳතාවක් නිසා තරුණයින් දෙදෙනෙක් අතර ගැටුමක්

Admin

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday

ගෝඨාට එල්ලවෙන මංගලගේ මඩ

colombotoday

හල්දුම්මුල්ලේ පාසල් තුනක් වැසේ

Admin