Colombo Today Local News

“ජනාධිපති මාමේ.. අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න” සිරගත රණවිරුවකුගේ දරුවා කරන කාරුණික ආයාචනය

rgs45

මගේ පුතා හැමදාම ජනාධිපතිතුමාගේ පින්තූරය ළඟට ගිහිල්ලා කියනවා ජනාධිපති මාමේ අවුරුද්දට කලින් තාත්තා ගෙදර එවන්න” කියලා යෑයි අධිකරණ නියෝග මත දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින යුද්ධ හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජික කෝප්‍රල් එස්‌. එච්. රවීන්ද්‍ර රූපසිංහ මහතාගේ බිරිඳ වන අයි. ඩබ්ලිව්. සන්ධ්‍යා කුමාරි (38) මහත්මිය කීවාය.

ඇය මේ බව කියා සිටියේ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පොළොන්නරුවේ ජයන්තිපුර පිහිටි රණවිරු රවීන්ද්‍ර රූපසිංහ මහතාගේ නිවසට පෙරේදා (11 දා) පස්‌වරුවේ පැමිණි අවස්‌ථාවේදීය.

දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිsටින රණවිරුවන්ගේ පවුල්වලට සිංහල අලුත් අවුරුද්දට පෙර අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආහාර ද්‍රව්‍ය පිරිනැමීමේ වැඩසටහනක්‌ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් ක්‍රියාත්මක කෙරෙන බවත්, එම පරිත්‍යාග බාරදීම සඳහා තමන් මෙහි පැමිණි බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

යුද්ධ හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජික කෝප්‍රල් එස්‌. එච්. රවීන්ද්‍ර රූපසිංහ මහතා දැනට මාස 07 කට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටිනුයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සැකපිටය.

තෑගි බෝග අරගෙන අපිව බලන්න ආවට බොහෝම ස්‌තුතියි. නමුත් අපිට මෙදා අවුරුදු සමරන්න විදියක්‌ නෑ. මහත්තයා ගෙදර නැතිව අපි කොහොමද අලුත් අවුරුද්ද සමරන්නේ. අද මේ රටේ හැමෝම එකතුවෙලා අවුරුදු සමරන්නේ වෙනත් උත්සව සැණකෙළි පවත්වන්නේ රණවිරුවන් නිසයි.

ඒ අය එකතුවෙලා මේ රටේ පැවති යුද්ධය නැති කරපු නිසයි කියන එක හැමෝම දන්න කාරණයක්‌. මගේ පුතා හැමදාම උදේට ජනාධිපතිතුමාගේ පින්තූරය ළඟට ගිහිල්ලා කියන්නේ ජනාධිපති මාමේ අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න කියලායි. දැන් මාස හතක්‌ තිස්‌සේ එයා හිර කරගෙන ඉන්නවා. අපට මහත්තයාගේ වැටුපවත් ලැබෙන්නේ නෑ. අපි ජීවත් වෙන්නේ හැඬූ කඳුළින් තමයි යෑයිද සන්ධ්‍යා කුමාරි මහත්මිය කීවාය.

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා – අද බොහෝ දෙනෙකුට මේ රටේ යුද්ධයක්‌ තිබුණද කියලාවත් මතක නෑ. රට නිදහස්‌ කරගත්තු රණවිරුවන් අද හිරගෙදර. මේ දේවල් කරන්නේ හුසේන් කුමාරයාට, කැමරන්ට, ඔබාමාට ඕන නිසාද? අද මේ රණවිරුවන් නව දෙනාගේ පවුල් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. ඔවුන්ගේ වැටුපත් නවත්වල. ඒ පවුල්වල අයට ජීවත් වෙන්නෙ වත් විදියක්‌ නෑ. අද අපි මේ ගමන ආවේ අපෙන් ඉටුවියයුතු සමාජ යුතුකමක්‌ ඉටුකිරීම සඳහාය.

මෙම අවස්‌ථාවට පොළොම්මාරුවේ සුමනරතන හිමියන්ද, දමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මංගල, මහින්ද ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්‌ද සහභාගි වූහ

කරුණාරත්න ගමගේ – පොළොන්නරුව

Related posts

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

2020 වනවිට මාරාන්තික දුම්කොළ වගාව සහමුලින්ම තහනම් කරනවා – ජනපති අවධාරණය කරයි

colombotoday

කැබ් රථයක් බසයක ගැටී 5ක් රෝහලේ..

Admin

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin