Colombo Today Local News

මාදිවෙල නිවාස ඉල්ලා මාලිමා මන්ත්‍රීවරු පෝලිමේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ.

ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් හැටකට ආසන්න පිරිසක් එම මන්ත්‍රී පිරිස් අතර වෙයි.

හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මාදිවල නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් එහි රැඳී සිටින අතර ඔවුන්ට ඉක්මනින් ඉන් ඉවත් වන ලෙසද දැනුම් දී තිබේ.

නවක මන්ත්‍රීවරුන්ට එම නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම එළඹෙන තුන්වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලූත් වැඩියා කටයුතු කරමින් සිටී.

මෙහි මන්ත‍්‍රීවරුන් එකසිය දහයකට පමණ නිල නිවාස සපයා දීමේ හැකියාවක් තිබේ.

Related posts

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරයි

Admin

ඉන්ධන අර්බුදය හමුවේ නොමිලේ ගිලන් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

colombotoday

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday