Colombo Today Local News

රාජ්‍ය ආයතන විකුණන්නම පාර්ලිමේන්තු පනතකින් විශේෂ උපදේශක සභාවක් එයි !

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයට නිර්දේශ නිකුත් කිරීමට හා එම ක්‍රියාවලිය පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් මගින් රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලයක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

පාඩු ලබන ගුවන් සේවාවන්, පාඩු ලබන රාජ්‍ය වතු, ඌන උපයෝගිතා කර්මාන්ත හා අකාර්යක්ෂම හා අලාභ ලබන රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් රජය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මෙම මණ්ඩලයට වගකීම් පැවරෙමින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මෙම මණ්ඩලයට මේ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් පත් කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කීවේය.

රාජ්‍ය ව්‍යවසායේ කළමනාකාරීත්වය වෙනස් විය යුත්තේ කුමනාකාරයෙන්ද, එම ආයතනවල අයිතිය තබා ගෙන කළමනාකාරීත්වය වෙනත් පාර්ශ්වයට දෙනවාද, එසේ දෙන්නේ නම් කුමන කාලයකටද, ආයෝජනයේ වටිනාකම කොපමණද යනාදී කාරණා ගැන මෙම කමිටුව තීරණය කරනු ඇත.

ඉතා ඉක්මනින් මෙම මණ්ඩලය පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

Related posts

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

අයිපල් කුළුණේ ආලෝකය නිවී යයි… ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රංශය ශෝක වෙයි….

colombotoday

අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්න.. – මරික්කාර් ඉල්ලයි

colombotoday

48ක කාන්තාවකට කැත්තකින් පහරදී ඝාතනය කරයි

Admin

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday

STF එස්.අයි. කුඩු සල්ලි මුස්ලිම් ජාතිකයෙක් ළග ආයෝජනය කරලා

colombotoday