පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමි වරප්රසාද වන නිවාස, ආරක්ෂාව, වාහන බලපත්ර, වැටුප්, බැංකු ණය තබා පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ ලබා නොදිය යුතු බව සජබ මන්ත්රී හේෂා විතානගේ මහතා පවසයි.
එළඹෙන පාර්ලිමේන්තු සමාරම්භක දිනයේම තමා සිය ප්රථම පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කරනා බවත් හෙතෙම අවධාරණය කරයි.
ආණ්ඩුව මින් පෙර පොරොන්දුවූ පරිදි එම සියලු වරප්රසාද නවතා දමනු ඇති බවට ජනතාව විශ්වාස කරනා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.