Colombo Today Local News

විජේවීර ඝා-තනය ගැනත් හොයන්න කොමිසමක් දාන්න

රෝහණ විජේවීර ඇතුළු ඉල් මහ විරුවන් ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක් පත්කරන ලෙස සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යෝජනා කරයි.

“අනුර කුමාර ජනාධිපතිතුමනි..ඔබ තුමාගේ නායකයා ඒ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා අමු අමුවේ කනත්තේ ආදාහනාගාරයට දාපු ඒ ඝාතනය කරපු එක ගැන ඔබතුමා ජනාධිපති වුණ දවසේ ඉදලා හොයයි කියලා අපේ ගමේ මිනිස්සු බලාගෙන ඉන්නවා.

අපේ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක එකට හිටපු අය ඝාතනය වුණා. ඒ ඔක්කෝම අය ගමෙන් ආපු අහිංසක මිනිස්සු. ඒගොල්ලන්ට තිබුණේ නෑ කොළඹ හයිය. ඒ අයට තිබුණේ නෑ NGO හයිය.
තාජුඩීන් ගැන තියෙන අමාරුව, ලසන්ත ගැන තියෙන අමාරුව, එක්නැලිගොඩ ගැන තියෙන අමාරුව තියෙන්න ඕනේ අපේ ඉල් මහ විරුවන් ගැනත්. අන්න ඒ ගැනයි ඔහුට මතක් කරලා දෙන්නට ඕනේ.

අපි එනවා පාර්ලිමේන්තුවට එඩිතර විපක්ෂය හැටියට. මේ රටේ අර අහිංසකව ඝාතනය වුණ සියලු දෙනා ගැන සොයන්නට කොමිසමක් දාන්නට අපි ගේනවා යෝජනාවක්. අපි හිටගන්නවා අනුර කුමාර සහෝදරයත් සමග”.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (10) කඩවත පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

දේශපාලන පන්දමට ප්‍රධාන පොලිස් පරික්ෂක උසස්වීම් දීලා

colombotoday

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin

මඩකලපුව, කාත්තාන්කුඩි නිවාස දෙකකින් පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ අත්අඩංගුවට

colombotoday

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin