Colombo Today Local News

ආණ්ඩුවක් ගත්තට මේ අයට කිසි වැඩපිළිවෙලක් තිබිලා නෑ

.නව රජය විසින් ගෙන යමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ පාලනයේම දිගුවක් බව පැහැදිලිව ඇතැයි හිටපු පාරලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

“අද මේ රටේ ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. අපිට පේනවා ජාතික ජන බලවේගයට විදියට මේ අය ආණ්ඩුවක් ලබාගත්තට මේ අයට කිසිම වැඩපිළිවෙළක් තිබිලා නැහැ ආණ්ඩුව තමන් අතට ආවට පස්සේ කොහොමද ආර්ථිකය මෙහෙයවන්නේ කියලා. පසුගිය කාලයේ ආර්ථික ඔස්තාර්ලා ජාතික ජන බලවේගයෙන් ඇවිල්ලා කිව්වා අපිට වැඩපිළිවෙළක් තියෙනවා මේ රටේ ආර්ථිකය ගොඩදාන්න කියලා.

ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට දාන්න ලේකම් කෙනෙක් නැති නිසාම රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගන්න වුණා. මහින්ද සිරිවර්ධන පත් කරේ ඇයි අනුර දිසානායකලගේ ආණ්ඩුවට ආර්ථිකය මෙහෙයවන්න හරිහමන් කෙනෙක් හිටියේ නෑ . කවුද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපති. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන.

පහුගිය රනිල් වික්‍රමසිංහ පාලනයේ IMF දිගුවක් තමයි මේ අය ක්‍රියාත්මක කරන්නේ. අද අනුර කුමාර දිසානායක පොඩි රනිල්ගේ චරිතය ඉතාම ලස්සනට රඟපාමින් ඉන්නවා. අපි අනුර කුමාර ජනාධිපතිවරයාට කියනවා අතුරු සම්මත ගිණුම් දාන්න උත්සාහකරන්නේ නැතුව නිසි අයවැයක් ඉදිරිපත් කරන්න කියලා.”

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (06) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීය

Related posts

මෙන්න ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්

Admin

ශ්‍රී ලංකාවේ ටයර් වලට ඇමරිකාවෙන් විශේෂ බද්දක්.. රබර් කර්මාන්තය අවදානමක !!

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

colombotoday

ගේමට අවොත් ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා – එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday