දිස්ත්රික්කයේ ආසන 07ක් වෙනුවෙන් තමන් තරඟ වදින බවත් එම ආසන 07ම මාලිමාව ජයග්රහණය කරවීමට කටයුතු කළ යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති පවසයි.
මේ වන විට නිල්වලා ගඟේ ලවන බාධකය ජනතාවට ජීවන බාධකයක් බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.මහා මැතිවරණයට පසු ප්රමුඛ කාර්යයක් ලෙස සලකා මෙම ගැටලුව විසඳා නිල්වලා ගඟ ආශීර්වාදයක් බවට පත් කරගන්නා බව ද හෙතෙම අවධාරණය කරයි.
ඊයේ(30) මාතර පැවැති ජාතික ජන බලවේග ජනරැලිය අමතමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.