Colombo Today Local News

අධිකරණයට ප්‍රහාරයක් කියා ඇමතුමක්

යාපනය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලබාදුන් පුද්ගලයා සොයා මේ වන විට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පැවසීය.

චාවකච්චේරි පොලීස් ස්ථානයට ඊයේ (29) දින කිසියම් නාදුනන පුද්ගලයෙකු විසින් දුරකතන ඇමතුමක් ලබාදී චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇති බවට දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ඊයේ දින චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණය හා අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ිපයවර ගෙන තිබූ අතර මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදව තිබුණි.

කෙසේ වෙතත් අදාල දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා කව්රුන්දැයි යන්න අනාවරනය වී නොමැති අතර පොලීසිය නොමැග යැවීමේ අරමුණින් යුතුව මෙලෙස දුරකතන ඇමතුමක් ලබා දෙන්නට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.

කෙසේ වෙතත් අදාල දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව සෙවීමටද මේ වන විට පරික්ෂණයක් අරඹා ඇතැයිද චවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

Admin

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

ගෝඨාට එල්ලවෙන මංගලගේ මඩ

colombotoday

”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර කූට ජාවාරමක – රංජිත් විතානගේ කරන තවත් හෙළිදරව්වක්

Admin

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday