Colombo Today Local News

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ඉමාම් කමිටු වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද හෙළිදරව් කළේය.

ඒ පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානය පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

බ‍්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව එල්ල කරන ලද චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීමට හිටපු විනිසුරු අයි.එස්. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබිණ.

එම වාර්තාවේ හෙලිවන කරුණු අනුව හා චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝවේ ශරීර භාශාව අනුව මුහුණු වසාගෙන කටහඬ වෙනම් කරමින් කරුණු හෙළිදරව් කරන ලද එකල විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු බව කිවූ පුද්ගලයාට අද නව රජයේ ඉහළ තනතුරක් දී ඇතැයි සමාජය තුල ප්‍රබල සාකච්ඡාවක් මතුව තිබෙන බවද ඔහු කියා සිටියේය.

අදාළ පුද්ගලයා චැනල් 4 නාලිකාව හමුවේ බුද්ධි අංශ දරුණු ලෙස පාවාදීමකට ලක්ව ඇති බවද ඔහු පැවසුවේය.

ඒ අනුව එම පුද්ගලයා කවුදැයි හදුනා ගැනීමට විශේෂ විමර්ෂණ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සදහන් කලේය.

වත්මන් ආණ්ඩුව මෙම වාර්තාව එළිදක් එළිදක්වුවේ නැත්තේ ජාතික ජන බලවේගයට සහාය දුන් අදාළ විශ්‍රාමික නිලධාරියා සම්බන්ධයෙන් හෙළිදරවු වන නිසා බවත් ඔහුට ආණ්ඩුවේ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇති බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

Admin

යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලා

Admin

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන්න නවසීලන්තය එකඟයි

Admin

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin

ලංකාවේ යුධ උපකරණ 63ක් රට පටවයි.. කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලා

Admin