Colombo Today Local News

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ වාර්තා එක එක්කෙනාට ගෙවල්වල ගෙන යා හැකි ඒවා නොවන බැවින් ජනාධිපති කාර්යාලයේ නැති වාර්තා ගම්මන්පිල ගාවට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු යැයි ජනතාවගේ හෙට දිනය සංවිධානයේ නීතිඥ මනෝජ් නානායක්කර මහතා පවසයි.

“වටේ ඉඳන් කවුරු තප්පුලෑවත් පාස්කු දින ප්‍රහාරය ඉස්සරහට දාලා අපි එක වරප්‍රසාදයක් අරගෙන තිබෙනවා නම් ඔප්පු කරන්න. පාස්කු දින ප්‍රහාරය ඒ වින්දිතයන්ගේ දුක, කඳුළ, සුසුම අපි භාවිත කළේ නැහැ. නමුත් කට්ටියක් ඉන්නවා මේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවාට විරුද්ධ වෙන. එයින් ප්‍රධාන වශයෙන් බලපෑමට ලක්වන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් පාස්කු දින ප්‍රහාරයට දායක වුණු අය, අනුබල දුන්නු අය. උන් දන්නවා මේකට මරණීය දණ්ඩනය හම්බ වෙනවා කියලා. අනික් කණ්ඩායම මේ ප්‍රහාරය දඩමීමා කරගෙන හම්බ කර ගත්ත, වරදාන ගත්ත, විදේශ සංචාර ගත්ත කට්ටිය. ඒ අයත් මේකට විරුද්ධයි.

අවුරුදු 5ක් හම්බ කරගෙන කාපු ආදායම් මාර්ගය වැහිලා යන මේ සිද්ධියට උත්තර හොයලා සාධාරණයක් කළොත්, මේ නිසා මේ අපරාධයට උත්තර හොයනවාට අපරාධකරුවන්ට දඬුවම් ලැබෙනවට මේ අය විරුද්ධයි. අපි පැහැදිලිව කියනවා, මේ ප්‍රශ්නය තවත් ආණ්ඩුවකට ගෙනයන්න දෙන්න බැහැ. මේ ආණ්ඩුව පත් වුණේ මේකට යුක්තිය ඉටු කරනවා කියලා. තවත් ආණ්ඩුවක ප්‍රතිපත්ති ප්‍රකාශනයක මේකට විසඳුම් දෙනවා කියන පොරොන්දුව තිබෙන්න බැහැ. අපි මේ රජය, ඇමැතිවරයාව, ශානි අබේසේකර, රවි සෙනෙවිරත්න මහත්වරුන්ව විශ්වාස කරනවා.

ශානි අබේසේකර කියන්නේ මේ රටේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අයෙක්. දේශපාලන පළිගැනීමට ලක් කරලා තමයි ඔහුව ගෙදර යැව්වේ. මේවා පිටුපස ඉන්න දේශපාලන මහමොළකරුවෝ ඔහු සොයාගත්තා. මේ අපරාධ බුද්ධි නිවාරණයට සුදුසු නම් ඔහු ඒ අදාළ තැන්වලට ගෙනැල්ලා ප්‍රයෝජන ගත්තම මොකද වෙන්නේ. ශානිගෙන් ගන්න ඕනේ දේ වටේ කෑගහන සෙප්පඩයන්ට කරන්න බැහැ. යුක්තිය පසිඳලීම ගරු අධිකරණය කරයි. දැන් මේ සිද්ධියට යුක්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන් සංයුතිය හැදිලා තිබෙනවා. මේ සංයුතිය ඉතාම හොඳයි යුක්තිය සොයා යන ගමනේ. 2023 දෙසැම්බර් 23 යුක්තියේ මෙහෙයුම පටන් ගත්ත දවසේ ඉඳලා යවපු මත්ද්‍රව්‍ය සාම්පල්වල තත්ත්ව වාර්තා අපි රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඉල්ලනවා.”

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් මනෝජ් නානායක්කර මහතා මේ බව කීය.

Related posts

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

colombotoday

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

colombotoday