Colombo Today Local News

රනිල්ගේ ඉත්තෙක් වුන මානප්පෙරුම

සමඟි ජන බලවේගයේ මහ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කර ගත යුතුය යන මතයේ සිටි අයෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ඔහු පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බවට ද ඔහු චෝදනා කරයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) සමඟි ජන සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

කෙසේ වෙතත් අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබා දීමට පක්ෂය විසින් කටයුතු කළද පරාජයට පත්වන බව දන්නා නිසා දැන් ඔහු ඉවත්ව සිටින බවයි, රාජකරුණා මහතා කියා සිටියේ.

එමෙන්ම නාමයෝජනා භාරදීමෙන් පසු ඡන්දය නොඉල්ලන බව ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

චීන පොහොර රැගත් නෞකාව අයත් සමාගමේ එන්තරවාසිය නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

නාහිමි, ජනපති හමුව නිසා ඇමති අකිලගේ පළුවක් යයි !!

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday