ජාතික ජන බලවේගය විසින් මෙවර පාර්ලිමේන්තුවට යවනු ලබන්නේ තම අපේක්ෂක ලැයිස්තුවන්හි මනාප අනුව තේරී පත්වන අය බව එම පක්‍ෂයේ මහනුවර කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
එය මැතිවරණය නීතිය බවත් මැතිවරණ නීතියට පරිබාහිරව කිසිවක් නොවන බවත් ඔහු සඳහන් පැවසුවේය.
මනාප ඉල්ලන්නේ නැතිව පක්‍ෂයට පමණක් ඡන්දය ඉල්ලුවේ ඉස්සර බවත් වර්තමානයේ ජාතික ජන බලවේගය දැවැන්ත බහුජන පක්ෂයක් නිසා එසේ කටයුතු කළ නොහැකි බවත් හෙතෙම මහනුවරදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.