Colombo Today Local News

රංජන් සමග ඩිල්ෂානුත් එකතු වෙයි මහමැතිවරණයට තරඟ කරන්නෙ මෙහෙමයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට නියමිතයි.

ඒ සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන්.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය අද (09) නිල වශයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එළිදැක්වුවා.

මෙම පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙයි.

එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්.ඩිල්ෂාන් මහතා පත්ව සිටින අතර එහි සාමාජිකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ මහතා ද එක්ව සිටියා.

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

colombotoday

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ – ජනපති

colombotoday

ඉන්දියාවෙන් ඇවින් නිධන් කඩයි.. පුජාව දෙද්දී අත්අඩංගුවට

colombotoday

බේරුවල සමූපයත් මාලිමාව පරාදයි

Admin

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

colombotoday

අස්වැසුමට පුද්ගලයින් තේරීමේ ක්‍රමය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ..

Admin