Colombo Today Local News

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

රට තුළ පසුගිය රජයන් යටතේ සිදුකර ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් දූෂණ විරෝධී හඬ සංවිධානයට ලබාදෙන ලෙස එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ජාතික ජන බලවේගය හොරු සමග ඔට්ටු සෙල්ලම් නොකරන බවද ඔහු පවසයි.

අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස 23 වැනිදා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී 24 වැනිදා කුඩාම කැබිනට් මණ්ඩලය පත්කර මූල්‍ය අක්‍රමිකතා සිදුකළ පිරිස්වලට එරෙහිව ජනතාව බලාපොරොත්තු වූ පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙන බවත් සමරසිංහ මහතා පැවසීය.

නව රජයට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහජනතාව ලබාදෙන තොරතුරු ද ඉතා වැදගත් බවත් එම තොරතුරු සමග මූල්‍ය අක්‍රමිකතා සහ නීති විරෝධී වැඩ කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයන් හරහා සිදුවන ආකාරය මහජනතාවට දැකබලා ගත හැකි බවත් සමරසිංහ මහතා කීය.

චෝදනා එල්ල වී ඇති අයම තමන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් එය කඩිමුඩියේ නොව සාක්ෂි සහිතව තොරතුරු ලබාගෙන කළ යුතු නිසා ක්‍රමානුකූලව සිදුකිරීමට යම් කාලයක් ගතවන බවත් ඒ මහතා කියාසිටියේය.

චමින්ද සිල්වා
– Divaina

Related posts

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

colombotoday

IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම ගැන මූලික එකඟතාවයකට පැමිණෙයි

colombotoday

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday