Colombo Today Local News

අපි ඩුබායි යද්දී රාජපක්ෂල සල්ලි වෙන තැනක හංගලා

2015 යහපාලන ආණ්ඩුව පිහිටුවා රාජපක්ෂලා හොරකම් කළ ඩොලර් මිලියන 1100ක මුදල් සෙවීමට ඩුබායි වෙත යන විට එම මුදල වෙනත් ගිණුම්වලට මාරු කොට තිබූ බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි.

එම පරීක්ෂණ කණ්ඩායම යෑමට පෙර එම රහස රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම ඊට හේතුව බවයි, ඔහු සඳහන් කළේ.

එසේම එවක FCID අධ්‍යක්ෂ රවී වෛද්‍යලංකාර බ්‍රිටිෂ් වර්ජිං අයිලන්ඩ්හි රෙඩ් රෝස් සමාගමේ ගිණුම්වල තිබූ මුදල් සෙවීමට යන විට ඩොලර් මිලියන 22ක් මාරු කොට තිබූ බව ද හෙතෙම අනාවරණය කරයි.

ඉදිරියේ දී ඩුබයි, සීෂෙල්ස්, සිංගප්පූරු මුදල් මාරු වූ තැන්, ක්‍රිෂ් ගනුදෙනුවේ මුදල් ආ ගිය තැන් පමණක් නොව පිටකෝට්ට දූව පාරේ කෝටි 78කට යෝෂිත රාජපක්ෂ ගත් ඉඩම්වලට සල්ලි ලැබුණු ආකාරය ගැන ද ඉදිරියේ දී පරීක්ෂණ ආරම්භ කරන බවත් එහි දී රාජපක්ෂ පවුලට ම සාක්ෂි දීමට සිදුවන බවත් වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

Related posts

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

බෝධි සංස්කෘතියෙන් හෙළ දෙරණ පුණර්ජීවණයකළ සිරිමහ බෝ සමිඳුන් වැඩම කර වූ උඳුවප් පොහොය අද

colombotoday

කොවිඩ් නම් පුච්චන්න. කොවිඩ් නැත්නම් වලලන්න. | අලි සබ්‍රි ඕනෑවට වැඩි. මේ ආණ්ඩුව තනියෙන් කනවා. | ඥානසාර හිමියෝ කියති.

colombotoday

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday