Colombo Today Local News

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසා සිටියේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට තීරණය කර ඇති අතර, අතිරික්ත නිලධාරීන් ඉවත්කිරීම ද සිදුව ඇති බව ද වාර්තා වේ.

Related posts

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin

“ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් කරනවා“ – මෛත්‍රී අනතුරු අඟවයි

colombotoday

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

ඇඳයි මෙට්ටෙයි මාරු කළා පිනට ආව මකුණෝ අපිව කෑවා – කබීර් හෂීම්

colombotoday