Colombo Today Local News

රුපියල දිගටම ශක්තිමත් වීම හොඳ නෑ

මෙරට රුපියල ශක්තිමත් වීම සඳහා රටට පසුගිය මාස කිහිපයේ ලැබුණු විදේශ විනිමය හේතුවී ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

විදේශ ප්‍රේශන සහ සංචාරක ආදායම ඉහළ යාම රුපියල ශක්තිමත් වීම සඳහා වැඩි වශයෙන් බලපා ඇතිබව පැවසීය.මේවන විට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවී තිබේ.රටින් බැහැර වන ඩොලර් ප්‍රමාණය යම් ආකාරයකට සීමාවී තිබේ.එම තත්වය ඉතා සුබවාදී තත්වයකි.

රුපියලේ අගය දිගින් දිගටම ශක්තිමත් වීමක් සිදුවිය යුතු නැත.එලෙස දිගින් දිගටම රුපියල ශක්තිමත් වීම හරහා මෙරට අපනයන කරුවන්ට බාධා විය හැකිය.රුපියල ශක්තිමත් වීම හරහා ආනයන කරුවන්ට වැඩි වාසි හිමි වෙයි.ඒ හේතුවෙන් සිදුවිය යුක්තේ රුපියල දිගින් දිගටම ශක්තිමත් වීමට වඩා ස්ථාවර අගයක පැවතීම බව වැඩිදුරටත් පැවසීය.– නාගොඩ සුමන උදයන්ත

Related posts

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

සීඅයිඩීය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලයි – බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

colombotoday

අපේම අය කකුලෙන් ඇද්දා, පහුගිය කාලේ එජාපය රටට කෙළේ හොදක් නෙවෙයි – තිස්ස පරාජය හේතු කියයි

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday