Colombo Today Local News

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පැවසීය.

රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් දියයුතු බව ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවත් ජීවන වියදම වැඩිවනවිට ජීවත්වීම සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් වියයුතු බවත් විජිත හේරත් ඇමැතිවරයා කීවේය.

පසුගිය රජයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ගෙන තිබූ කැබිනට් තීරණය ගැන වැඩිදුර කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා මෙසේ කීවේය.

‘2025 ජනවාරි මාසයේ වැටුප් වැඩි කිරීමක් ගැන කැබිනට් මණ්ඩලය තීන්දු කරල තිබුණා. අපට ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කළ යුතු වෙනවා. මුදල් වෙන් කරන්න අයවැය ඉදිරිපත් කරන්න වෙනවා. අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. ඒ නිසා ඉදිරි අයවැයක දී තමයි රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරල මෙවැනි වැටුප් වැඩිවීමකට යා හැකිද? නොහැකිද යනවනම් යා හැක්කේ කුමන මට්ටමින් ද අදියර කීයකින් ද යන්න තීන්දු කරන්න වෙන්නේ ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දියි. රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදය ගැන තීන්දුවක් ගනු ලබන්නේ ඉදිරි අයවැයේදියි’

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related posts

ජනපති හෙලිකල රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම්

colombotoday

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව මම තනිව සටන් කළා – රවී කරුණානායක කියයි

colombotoday

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday