Colombo Today Local News

සංදර්ශන නවතා උගන්ඩාවේ සඟවා ඇති මුදල් ගෙන එන ලෙස දන්වයි

රාජපක්‍ෂලා විසින් සොරකම් කරන ලද ඩොලර් බිදින දහ අටක් උගන්ඩාවට යැවු බවට එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් පවසන්නේ විපක්ෂයේ සිට චෝදනා එල්ල කළ කණ්ඩායම අද ආණ්ඩු බලයේ සිටින බවත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් දැන් නැති බවත්ය.

තව දුරටත් මාධ්‍ය සංදර්ශන පවත්වා පලක් නැති බවත් සොරකම් කර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.

නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ඇති බවත් පවසන ඔහු එනිසා තවදුරටත් මාධ්‍ය සංදර්ශනවලින් ඵලක් නැති බවත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු විල්ලා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේවා කියා සිටියේය.

Related posts

ඊශ්‍රායලයට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් 7ක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට

Admin

“මේක විකුණන ආණ්ඩුවක්.. මෙහෙම ගියොත් කච්චතිව් දූපතත් විකුණයි” – ඇමති සුසිල්

colombotoday

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

colombotoday

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

සිරිකොත බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක

colombotoday

අගමැති ලේකම් කාර්යාලයේ වියදම් කපන යෝජනාව ඡන්ද 123කින් සම්මතයි

colombotoday