Colombo Today Local News

බුලත් විටක් රු.130 දක්වා ඉහළට

රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පුවක් බාගය ද අලෙවි කරනු ලබයි.

ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කෙරේ.

ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල පුවක් ඵලදාවේ අඩුවක් පවතින බැවින් මෙලෙස බුලත් විටක මිල ඉහළ දැමීමට සිදු වූ බවය.

කෙසේ වෙතත් පුවක් ගෙඩියක් රුපියල් 50ත් 60ත් අතර මිලක් වන අතර එක් විටක් සෑදීම සඳහා බුලත් කොළ තුනක් සහ එක් පුවක් ගෙඩියක් යොදාගෙන එය රුපියල් 130කට අලෙවි කරන බවට අනාවරණය විය.

ඇතැම් වෙළෙඳුන් පවසන්නේ බුලත් විටක වැඩි මිලක් සඳහන් කළහොත් අලෙවි නොවන බැවින් එක් පුවක් ගෙඩියක් විට දෙකකට යොදා එක් විටක් රුපියල් 60කට හෝ 70කට අලෙවි කරන බවය.

මේ අතර පසුගිය දිනවලදී බුලත් කොළයක්ද රුපියල් 15ත් 20ත් අතර මුදලකට අලෙවි වූ අතර එය මේ වනවිට රුපියල් තුනයි ශත පනහ දක්වා අඩු වී තිබේ.

පවතින පුවක් පලදාවේ අඩු වීම තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බවත් ඉන් පසුව එය සාමාන්‍ය තත්ත්වයට පැමිණ බුලත් විටක් රුපියල් 50ත් 60ත් අතර මිලකට ලබා දිය හැකි බවත් බුලත් විට වෙළෙඳුන් පවසති.

Related posts

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

colombotoday

කොරෝනා මර්ධනය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙළා දකිනවා. – රනිල්ට සහ සජිත්ට අගමැති මහින්දගෙන් පිළිතුරු

colombotoday

පුංචි ඡන්දයේ ගැසට්ටුව නිකුත් වෙයි

Admin

මුස්ලිම් පල්ලි තුල සිදු කෙරෙන සමූහ සත්ව ඝාතන වකුෆ් සභාව විසින් තහනම් කරයි.

colombotoday

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday