Colombo Today Local News

කලුගංතොට සිංහයා අද නික්ම යයි

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා පෙරේදා (28) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

දේහය මේවන විට වැලිපැන්න, හොරවල, ඩෙනිස්ටන්වත්ත නිවසේ තැන්පත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා මිය යනවිට 74 වැනි වියේ පසුවුණා.

ඔහුගේ අවසන් කටයුතු අද (30) සවස 4.00ට මතුගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.

1982 වසරේදී අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයට පත් වූ ඔහු 1994 අගෝස්තු 25 වැනිදා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

කුමාර වෙල්ගම මහතා වසර 42ක දේශපාලන දිවිය තුළ කළුතර දිස්ත්‍රික්කයෙන් අපරාජිතව අඛණ්ඩව වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 2004 වසරේ සිට 2005 දක්වා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරය, 2007 සිට 2010 දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරය මෙන්ම 2010 සිට 2015 දක්වා ප්‍රවාහන ඇමැති ධුරය දැරුවා.

2021දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවා එහි නායකයා වශයෙන් කටයුතු කළා.

Related posts

උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට අපි නිර්දේශ නිකුත් කර නෑ – PHI සංගමය කියයි

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ගේ දඬුවමේ වෙනසක් ?

colombotoday