Colombo Today Local News

නිලන්ත ජයවර්ධනට අධිකරණ නියෝගයක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ.

නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවය.

ඒ අනුව නිලන්ත ජයවර්ධනට ඔක්තෝබර් මස 07 වනදා පෙරවරු 9.30ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

Related posts

මැලේසියාවේදී අල්ලා එවූ කොටි සැකකරුවෙක් නීතිපති උපදෙසින් නිදොස්කොට නිදහස්!

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් !

colombotoday

Video: ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නෑ – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි

colombotoday

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

Admin

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday