Colombo Today Local News

කිසිම වාහනයක අවභාවිතා වෙලා නෑ ජනාධිපති ලේකම් කියයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවත් එම වාහන නීත්‍යානුකූලව භාරදුන් ඒවා බවත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

මෙම හැම වාහනයකටම ලිපිගොනුවක් තිබෙන බවත් ඒවා කවුරු විසින් භාවිත කළේද? කුමන රාජකාරි සඳහා යොදවා ගත්තේද? යන්න එම ලිපිගොනු පරීක්ෂා කිරීමක් සිදුකළහොත් දැකබලා ගතහැකි බවද ඔහු කීය.

වත්මන් ජනාධිපති පත්වූ පසු එම වාහන භාවිත කළ අදාළ නිලධාරීන් නීත්‍යානුකූලව සහ කළ යුතුම දෙයක් සේ සලකා භාර දී ඇති බවද ඒකනායක මහතා අවධාරණය කළේය. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් නොමැති ඒවා රජයට අයත් පරිශ්‍රයන් තුළ නවතා තැබීමට කටයුතු කර ඇතැයි ද ඔහු කීය.

කිසිදු වාහනයක් අතුරුදන්වීමක් සිදුවී නොමැති බවද ඔහු කීය. තමා වත්මන් ජනාධිපතිතුමා දිව්රුම් දීමේ අවස්ථාවට නිල රාජකාරිය ලෙස එක්වී තමා භාවිත කළ නිල රථය ද භාරදී පිටව ගිය බවද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

Related posts

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

Admin

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

“බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි” අගමැති

colombotoday

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday