Colombo Today Local News

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව රජය යටතේ වැඩ බලන පොලිස්පති තනතුරට පත්කිරීමට යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිස්හය වසරක සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තරාතිරම්වල සේවය කළ දක්ෂ නිලධාරියෙක් බව පැවසේ.මේ වනවිට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන හෙතෙම මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුද හොබවනු ලැබීය.

1988 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වූ හෙතෙම 1992 දි උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා ඇත.කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියකු ලෙසද, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන්ද දිවුරුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඔහු පත්වී ඇත.මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති හෙතෙම නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙස එක්ව තිබේ.

මෙම රාජකාරි කාලසීමාව තුළ ​පොලිස්පතිවරුන් දසදෙනකු විසින් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි ලබාදී ඇත.වැඩබලන පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය හා ලලිත් පතිනායක යෝජනා වී තිබූ අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යෝජනා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

රාජාංගනයේ කොවිඩ් ආසාදිතයා ඇසුරු කල දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීමට දන්වයි..

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනය කෙරේ.. ඇමති බදියුදීන් ටෙන්ඩර් කැදවයි !

colombotoday

නිරෝධායන ඇදිරිනිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරනවා. ශ්‍රී ලංකා පොලිසිය

colombotoday

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

colombotoday