Colombo Today Local News

බාර් වලට වෙන්න යන දේ

2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසාදමන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 21 සහ 22 යන දෙදෙදින තුළ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුනට (3 Stars) ඉහළ සුරාබදු ර.බි 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන වල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරිමට අවසර ලබාදී තිබෙනවා.

දිවයින පුරා පිහිටි සෙසු සියලුම සිල්ලරට මත්පැන් විකිණිම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

විශේෂයෙන් ජනාධිපතිවරණ කාලසීමාව තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි දුරකථන අංකය වන 1913 දවසේ පැය 24 පුරා මහජනතාව වෙත විවෘතව තැබෙනවා.

Related posts

දරුවකු යොදාගෙන ඇෆ්ගන් ත්‍රස්‌තයෝ මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

colombotoday

කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

colombotoday

සහරාන් නොදන්නා බව හකීම් කියන්නේ පට්ටපල් බොරුවක්, සහරාන් වැඩකළෙත් මුස්ලිම් කොංග්‍රසයටයි !

colombotoday

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

colombotoday

රැකියා නැති උපාධිධාරීන්ට රැකියා වෙනුවට කදුළු ගෑස්!

colombotoday