Colombo Today Local News

සජිත් ලඟට යන්න හේතුව ගීතා හෙළිකරයි

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙවර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊයේ කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ඇය ඒ බව පැවසුවාය.

“ආණ්ඩුවෙන් මම කිසිදෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. මේ රටේ ස්වහසක් කලාකාරයින්ගේ හිත දිනාගත්ත කෙනෙක් මම. අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා. එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද. තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට ඔය වගේ සිඟිති ආලත් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට. ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා. “

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කරමින් පසුගිය 09 වනදා මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජනරැලිය සඳහා එක්ව සිය සහයෝගය පළ කළාය.

Related posts

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදාහැරීමට සෝමාලි කොල්ලකරුවෝ කෝටි 76ක් කප්පම් ඉල්ලති

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද – නාමල් රාජපක්ෂ

colombotoday

ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට !

colombotoday

ගෝඨා, බැසිල් ඇමරිකන් CIA කාරයෝ – චම්පික රණවකගෙන් චෝදනා

colombotoday