Colombo Today Local News

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය අගොස්තු 30 වන දින ඒකක 10,869.07 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය දිනය තුළ ඒකක 149.57 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 10,719.50 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර අද දිනයේ දී S&P SL20 දර්ශකය ද ඒකක 51.67 ක පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 3,006.93 ක් ලෙසින් සටහන් වී තිබුණි.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 615.75 ක් ලෙසින් සටහන් විය.

මෙලෙස කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය 11 වෙනි දිනය අදයි. මෙම දින 11 තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 811.81කින් හෙවත් 7% කින් පහළ ගොස් ඇත.

කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයේ දී පසුගිය ගනුදෙනු දින 7 ක කාලපරිච්ඡේදය තුළ දී ඒකක 100 ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අවස්ථා 4ක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.

එසේම පසුගිය දින 7ක කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 276.37 කින් පහළ ගොස් තිබීම ද තවත් සුවිශේෂී කාරණයකි.

පසුගිය අගෝස්තු 22 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 4,531,140,100,074 ක් ලෙසින් සටහන් වූ අතර එම වටිනාකම 2 දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 4,254,761,839,833 ක් දක්වා රු. 276,378,260,241 කින් අඩු වී තිබේ.

සරල ලෙස ගතහොත් පසුගිය ගනුදෙනු දින 07 තුළ දී රු. කෝටි 27,638 කින් කොටස් වෙළෙඳපොළේ වටිනාකම පහළ ගොස් ඇත.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ

Related posts

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin

රටේ නම වෙනස් කරන්න විද්වත් කමිටුවට යෝජනාවක්

colombotoday

අනියම් මිනීමැරීමේ චෝදනා යටතේ ලිට්‍රෝ සභාපති ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday