Colombo Today Local News

මාස 8ට 174,000ක් රටින් පිටවෙයි

2024 ජූලි මාසයේ දී 28,003 ක පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මාස 07 ක කාලපරිච්ඡේදය තුළ දී රැකියා වෙනුවෙන් විදෙස්ගත වී ඇති මුළු ප්‍රමාණය 175,163 කි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වන අතර එම මාස 07 ක කාලපරිච්ඡේදය තුළ දී, විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,710.8 ක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් පරිදි පූර්ව වර්ෂයේ, එනම් 2023 වසරේ මුල් මාස 07 තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති පිරිස 171,864 ක් වන අතර එම කාලපරිච්ඡේදය තුළ ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,363.6 කි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විදෙස් රැකියා සඳහා වැඩිම පිරිසක් ගොස් ඇති වසර ලෙසින් 2014 වසර වාර්තා වේ. එම වසරේ දී 300,703 පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛන සඳහන් කරයි.

Related posts

ත‍්‍රස්තවාද වැලැක්වීමේ පනත වෙනුවට ගෙනෙන නව පනත පරද්දවනවා – ශ්‍රී.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර

colombotoday

කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

colombotoday

ඉන්ධන – විදුලිය අර්බුදයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරයි

colombotoday

සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

Admin

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday