Colombo Today Local News

“චාවාකච්චේරි බෝම්බ මහ ලොකු දෙයක්ද.. මීට පෙරත් බෝම්බ ඕන තරම් හොයාගත්තා” – ලක්ෂ්මන් යාපා

laxman yapa

යුද්ධය අවසන් වීමෙන් පසු සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී විවිධ ප්‍රදේශ වලින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 313ක් සොයා ගැනීමට ආරක්ෂක හමුදාව සමත්වී ඇති බවත්, එබැවින් චාවාකච්චේරියෙන් ඉකුත් දා හමුවූ මරාගෙන මැරෙණ ඇදුම් කට්ටලය පිළිබදව එලෙස හමුවූ තවත් එකක් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මිට අමතරව උණ්ඩ හතලිස් හය ලක්ෂ විසි එක් දහස් තුන්සිය හැටක් ද සයනයිට් කරල් හැත්තෑ තුනක්ද, පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ හැත්තෑහතර දහසක්ද තවත් අවි ආයුධ අටදහස් පන්සිය තිස් හතක්ද සොයාගෙන ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

2009 මැයි 18 දින යුද්ධය අවසන් වීමෙන් පසුව මේ දක්වාම උතුරේ ආරක්ෂක හමුදාව නොකඩවා සෝදිසි මෙහෙයුමක නිරතවන බව පෙන්වා දුන් ඇමැතිවරයා එවන් සෝදිසි මෙහෙයුම් වලදී මෙවැනි දේ හමුවන බවද කියා සිටියේය.

Related posts

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

colombotoday

නව ව්‍යවස්ථාවට ජනමතවිචාරණයක් ස්ථීරයි – ඇමති කිරිඇල්ල

colombotoday

අපේ ජන බල පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා අස්කරගනු ලැබුවා

colombotoday

කොණ්ඩ චමින්ද ඇතුළු තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

colombotoday