Colombo Today Local News

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Related posts

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

ජනපතිගේ චෝදනාවට හිටපු ජනපතිගෙන් චීනයේ සිට පිළිතුරු.. “වහාම පරීක්ෂණයක් පවත්වන්න“

colombotoday

රාජපක්ෂ පවුලට රට පනින්න මාලදිවයින් හිටපු ජනාධිපති මගක් හදනවාද? නාමල් රාජපක්ෂට මාලදිවයින් මාධ්‍යවේදියෙකුගෙන් අභියෝගයක්.

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin