Colombo Today Local News

ප්‍රසන්නගෙන් මහින්දට ලිපියක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි.

එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙන බව ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් දැනුම්දී තිබෙනවා.

එසේ වුවත් තමා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකු බවත් තමාගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහතා වන බවත් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් සඳහන් කර ඇත.

Related posts

අලි සබ්රි 20 සභාගත කරයි, පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි

colombotoday

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

colombotoday

පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බිහිසුණු බස් අනතුරක් – 20කට තුවාල

Admin

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

colombotoday