Colombo Today Local News

හබරාදූවේ වෙඩි තැබීමක්

හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වෙඩිවැදිමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ත්‍රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරිමේදි වෙඩික්කරුවන් ත්‍රීරෝද රථයටද වෙඩිප්‍රහාරයක් එල්ලකර කිරීම හේතුවෙන් ත්‍රිරෝදරථයේ රියදුරුට ද වෙඩි වැදී තිබෙනවා.

කෙසේවෙතත් ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර තිබු බව පොලිසිය පවසනවා.

වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබුණා.

Related posts

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි

Admin

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin

සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තවත් කාන්තාවෝ 15ක් මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් බව හෙළිවෙයි

colombotoday

තොන්ඩමන් – මුස්තාපා රහස් සාකච්ඡා.. කුකුළා අත යටට !

colombotoday