Colombo Today Local News

නයන වාසුලගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාර ගනී

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.

එහිදී ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල විජේසූරිය අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි.

ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූණි.

කෙසේ වෙතත් නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායන ශිල්පිනී කේ. සුජීවාට භාර දී තිබේ.

මෙම වෙඩි තැබිමෙන් තුවාල ලැබු කේ. සුජීවා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඇගේ දියණියන් දෙදෙනා විසින් දේහය භාරගෙන තිබෙන බවට වාර්තාවේ.

නයන වාසුල සහ කේ. සුජීවා 2021 වසරේ විවාහ වී තිබෙන බව වාර්තා වේ.

නයන වාසුල නැමැත්තා කලකට ඉහත දී පැවිදි ජීවිතයක් ගත කරමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව තුල බුදු දහම කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කල ගම්පහ මහානාම හිමි නමින් පැවිදිව සිට ඇති අතර , පසුව ගිහි ජීවිතයට පත්ව තිබේ.

ඔහුගේ දේහය මාලඹේ බස් නැවතුම්පල අසල චන්ද්‍ර පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිලිබඳ අවසන් කටයුතු අද (10) සවස 4.00ට සිදු කිරීමට නියමිතයි.

Related posts

CID,FCID දේශපාලන අතකොළුද? “මට ඒ ගැන කිසිවක් කිව නොහැක“ – පොලිස්පති

colombotoday

ජාතියේ හිස සිදින උමතු විස්‌ස – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

“බුද්ධි අංශ ප්‍රධානියා වහාම නෙරපනු“…. පුරවැසි බලයෙන් ජනපතිට දැඩි බලපෑම්

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin

සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන වසා දැමේ

colombotoday

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday