Colombo Today Local News

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

මහබාගේ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු විසින් ලබාදී ඇති අගරු චෙක්පත් 2කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති පැමිණිල්ල විභාග කර, ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවීමට ඉඩ සලසා දිමට හා පැමිණිලිකරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රු 25,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත අදාළ පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ (03) සවස වැලිසර ආර්ථිකයට ගමන් කරන මාර්ගයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday

හඳුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්ඡා කිරීමට හිජාස් හිස්බුල්ලාගේ නීතිඥයන් අයුතු උත්සාහයක් දරලා

colombotoday

ඇමතිලාට නිල නිවාස නෑ

Admin