Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සිව්දෙනෙක් පොලිස් දැලේ

හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සොයාගත් බව පොලිසිය කියා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37, 50 හා 60 යන වයස්වල පසුවන මිනිපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Related posts

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

අපි ඉල්ලන් කෑවා…

colombotoday

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin