Colombo Today Local Newsfeatured

ගල්කිස්ස මහේස්ත්‍රාත් නිවසට හොරෙන් විදුලිය ගත්තේ දැන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ?

වර්තමාන ගරු දිසා විනිසුරුතුමිය ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පිහිටි නිල නිවසට පැමිණීමට පෙර සිටි මෙහෙස්ත්‍රාත්වරයා විසින් නිතී විරෝධී ලෙස නිළ නිවසට විදුලිය ලබාගෙන ඇති බවත් අදාළ නීතිවිරෝධී විදුලි රැහැන හේතුවෙන් විදුලි සැර වැදී විදුලි කාර්මිකයෙකු බරපතල ජීවිත අනතුරකට පත්වූ බවටත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදුකරන ලදි.

ඒ අනුව අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වුවේ වර්තමාන ගරු දිසා විනිසුරුතුමියට පෙර ගල්කිස්ස මහෙස්ත්‍රාත් නිළ නිවසේ රැදී සිටියේ වර්තමාන කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා බවයි.

මහේස්ත්‍රාත්ධුරයේ අත්තනෝමතික ලෙස කටයුතු කරන බවට ඒ මහතාට විරුද්ධව සුප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරු විසින් මීට ඉහතදී අධිකරණ සේවා කොමිසමට ද පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මේ අතර, පසුගියදා තමා විසින් සිදුකල ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමාගේ වරප්‍රසාද බලපතල ලෙස උල්ලංඝනය කිරීමක් පිළිබඳව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කතානායකවරයාට අද ( 25) දින ලිපියක් යොමු කර ඇත.

Related posts

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

colombotoday