Colombo Today Local News

රාජපක්ෂලාට බැන්නා ඇති ! දැන්වත් රට හදමු ! – මුදල් ඇමති රවී

ravi 125

රාජපක්ෂ පාලනය විවේචනය කිරීම නතර කර රටේ ආර්ථිකය යළි ගොඩ ගත හැකි වැඩපිළිවෙලක් සදහා අත ගැසීම වඩා සුදුසු බව ,මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි . ශ්‍රි ලංකාවේ වත්මන් ආර්ථික තත්වය යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය .

පැවති පාලනයේ තිබූ දුර්වලතා අවබෝධ කර ගත් ජනතාව 2015 ජනවාරි 08 වනදා රටේ ආණ්ඩු පෙරළියක් ඇති කල බවත් ඒ අවස්ථාව උපයෝගි කර ගනිමින් වඩා වැදගත් ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඉදිරි වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රි ලංකාවේ ආර්ථිකය වඩා ශක්තිමත් තැනකට රැගෙන ආ යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය .

වසර 30 ක කුරිරු යුද්ධයකට මුහුණ දීමෙන් පසුව රටේ ආර්ථිකය ගොඩ නැගීමේ භාර ධූර කාර්ය අප වෙත පැවරී ඇති අතරම , ඒ අභියෝගය රජයක් ලෙස කෙසේ හෝ ජයග්‍රහණය කල යුතු බවයි ඔහු පැවසුවේ . බලයට පත්වූ විගස අප දින 100 ජනතා පොරොන්දු ඉටු කල අතරම , භාණ්ඩ මිල අඩු කිරීම , වැටුප් වැඩි කිරීම , අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම ඒ අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

මේ අර්බුධකාරි තත්වයෙන් රට මුදා ගැනීමට අපට වසර 05 ක කාලයක් ඉතිරිව ඇති නමුත් ඉදිරි වසර එකහමාර තුළදී රටේ ආර්ථිකය නවී කරනය කිරීමට අපට හැකියාවක් ලැබේවි යැයි අප විශ්වාස කරන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

Lankaleadnews

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයෙක්ගේ සිරුර රෝහල් වතුර ටැංකියේ දාගෙන දින 56ක් වතුර බීලා

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට 2021 තෙක් කල් දෙයි…

colombotoday

ඉන්දියාව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සර්වඥ ධාතු මෙරටට වැඩමවන්න බෑ කියයි

colombotoday

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

colombotoday

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

(BREAKING)පාතාලයෝ බන්ධනාගාරය අසලත් බඩ පිනුම් ගසති.. වැලිකඩදී තවත් වෙඩි තැබීමක්

colombotoday